ලංකාවේ ඓතිහාසික ස්ථාන
Wednesday, September 8, 2010
නාගදීපය
නාගදීපය යනු අතීතයේ දී යාපන අර්ධද්වීපයම ඇතුළත් විශාල ප්රදේශයකි. වෙළෙඳ භාණ්ඩ හුවමාරු කළ තොටුපොළ කීපයක් එහි තිබිණි. ප්‍රසිද්ධ වරායක් වූ උරාතොට දැන් කයිට්ස් දූපතයි. සංඝමිත්තා තෙරණිය වැඩම කළ දඹකොල පටුන ද පැරැණි නාගදීපයට අයත් වූවකි. සිරිමහබෝධිය වැඩමවන විට සමුද්‍ර නාගයන් බාධා කළ නමුත් පසුව ඔවුහු එයට පුද සත්කාර දැක්වූහ.බුදුරජාණන් වහන්සේ දෙවන වර ලංකා ගමනයේදී නාග ගෝති‍්‍රකයන් අතර සිදුවූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා නාගදීපයට වැඩි බව බෞද්ධ ජනතාවගේ විශ්වාසයයි. විවිධ කාලවලදී ධාතුසේන, සද්ධාතිස්ස, දුටුගැමුණු ආදී රජවරුන් විසින් විටින් විට ප්‍රතිසංස්කරණය කරන ලද නාගදීප විහාරස්ථානය විටින් විට පරසතුරු උවදුරුවලටද ගොදුරු විය. නාගදීපයේ ඇති තවත් වැදගත් ආගමික ස්ථානයක් වන්නේ නාගපූෂානි අම්මාන් කෝවිලයි. මෙහි ඇති දේව රූපය මීට වසර දහස් ගණනකට පෙර පොළොවෙන් මතුවී ආ බවත් එමෙන්ම දකුණු ඉන්දියාවේ සිට යාපනය දක්වා වෙළඳාමේ ආ වෙළඳුන්ට සිදුවූ අකරතැබ්බයක් ඔස්සේ මේ කෝවිල ගොඩනැගුණු බවත් ජනප‍්‍රවාදයේයි.නාගදීපය වෙත යාමට කයිට්ස් කුරිකට්ටුවාන් ජැටියෙන් විනාඩි 20ක විතර මුහුදු ගමනක යෙදිය යුතුය. බෝට්ටුකරුවන් විසින් නාගදීපය සඳහා රැුගෙන යාමට රුපියල් 20ක මුදලක් අය කරයි.1958 වසරේ දී නාගදීප දාගැබට ඩයිනමයිට් දමා පුපුරුවා කොත්කැරැල්ල බිම හෙළන ලදී. පන්සලේ ගොඩනැගිලිවලට ගිනි තබා ඇත. දෙමළ අන්තවාදියෝ 2500 බුද්ධ ජයන්තිය සඳහා බුරුම රටෙන් තෑගි කළ බුදුපිළිමයේ සිරස හා අත් කඩා මුහුදට දැමූහ. මෙම සිද්ධිය දකුණේ සිංහලයන්ට දැන ගැනීමට රජය ඉඩ හැරියේ නැත. සිරස සිඳින ලද බුදුපිළිමය පසුව මුහුදු පතුලේ තිබී නාවික හමුදාව විසින් සොයා ගැනුණි. එය පිළිසකර කිරීම අපහසු විය. සති අටක් ඇතුළත විහාරස්ථානය නැවත ඉදිකෙරුණි. බුරුම රටින් වෙනත් බුදුපිළිමයක් තෑගි ලැබිණි.නාග විහාරය රැකගෙන වැඩ සිටින පූජ්‍ය පදුමකිත්ති තිස්ස හිමියනට ත්‍රස්තවාදය උත්සන්නව පැවැති සමයේ ආරක්ෂාව හා දානය පිරිනමමින් කටයුතු කළ නාවික හමුදා නිලධාරීන්ට බෞද්ධ ජනතාවගේ කෘතඥතාව හිමිවෙනු අැත.
ශ්‍රී පාදස්ථානය
මුහුදු මට්ටමේ සිට මීටර් 2265කින් යුත් මෙම කන්ද ලොව පුරා ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තේ බුදු හිමිගේ සිරිපතුල මෙහි පිහිටුවා ඇති බවට විශ්වාසයක් පවතින හෙයිනි. කෙසේවෙතත් හින්දු භක්තිකයින් මෙහි ශිව දෙවියන්ගේ පාදය ඇති බවත්, එම නිසා 'ශිවනොලිපාදම්' ලෙසත්, ඉස්ලාම් භක්තිකයින් ආදම්ගේ පාද සටහන ඇති නිසා 'ඇඩම්ස් පීක්' ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාවට අමතරව ලොව සිරි පතුල් පිහිටා ඇති රටවල් අතර කැනඩාව, අරාබිය, තුර්කිය, පර්සියාව ප්‍රධාන වේ.මලය දේශයේ පාලකයා වූ සුමනගේ ආධාරයෙන් බුදු හිමියන් සමනල ගිරට වැඩම කර එහි වම් සිරිපා පිහිට වූ බව ජනශ්රැති ගතව ඇත. මෙම සුමන නම් පාලකයා සබරගමු පෙදෙසට අධිපති ලෙස සැලකෙන ශ්‍රී සුමන සමන් දෙවිඳුයි. අතීතයේ ප්‍රධාන මාර්ගය ලෙස රත්නපුර මාර්ගය හැඳින් වුවඳ කුරුවිට හා නල්ලතන්නි මාර්ගය ද පුරාණයේ සිට තිබී ඇත. වර්තමානයේ දේව ප්‍රතිමාව වැඩමවන්නේ ද හැටන් මාර්ගය ඔස්සේය. සුමන සමන් දෙවියන්ගේ අනුහස් සහිත ශ්‍රී පාදස්ථානය බැතිමත්හු ගෞරවයෙන් හා භක්තියෙන් යුක්තව වන්දනා කිරීමට පෙළඹී සිටිති. මෙහිදී භාවිත වන වාක් මාලාව ද සුවිශේෂී වේ. වන්දනා කණ්ඩායම 'නඩය' ලෙසද, එහි නායකයාට නඩේ ගුරුන්නාන්සේ ලෙසද , සිරිපා නැමදීම සඳහා ගමන් කිරීම 'කරුණා කිරීම' ලෙසත් හඳුන්වයි. මුල් වරට සිරීපාදය වන්දනා කරන්නන් 'කෝඩු කාරයන්'ය. ඔවුහු ද වර්ග දෙකකි. බාල අය 'කිරි කෝඩු' ලෙසත්, වැඩිහිටි අය 'දඩු කෝඩු' ලෙසත් හැඳුන්වයි. අතීතයේ සංචාරක වෙළෙඳාම් හේතුවෙන් ඈත පෙරදිගවැසියන් පවා ශ්‍රී පාදස්ථානය පිළිබඳ තොරතුරු දැනගෙන ඇත. එමෙන්ම වෙනත් සංචාරකයින් පැමිණීමද සිදු වූ බව පැරණි වාර්තාවලින් හෙළිවේ. හියුං ශියෑන් හිමි, පාහියන් හිමි, වෛද්‍ය ජොන් ඩේව්, ආර්.එල්.බ්රා්හියර්, රොබට් නොක්ස්, ආදීන්ගේ වාර්තාවල ශ්‍රීපාදස්ථානය පිළිබඳ සඳහන් කර ඇති තොරතුරු මෙහිදී වැදගත් වේ. අතීතයේ සිටම ශ්‍රී පාදස්ථානය ජනාදරයට පත්වීමට හේතුපාදක වූ තවත් කරැණක් වනුයේ එහි පිහිටීම, ස්වභාව සෞන්දර්ය හා සමන් දෙවියන් පිළිබඳ වූ විශ්වාසයන්ය. සමනලගිර හා ශ්‍රී පාදස්ථානය ශ්‍රී ලංකාවාසී අපට ගෙන දෙන්නේ ඉමහත් ආඩම්බරයකි. එහෙයින් අනාගත ලෝ වැසි ජනයාට මෙය උරුම කර දීමට කටයුතු කිරීම අප කාගේත් යුතුකමක් හා වගකීමක් වේ. එහෙයින් ස්වභාව සෞන්දර්යට හානි නොවන පරිදි සිරිපා වන්දනා කිරීම වර්තමාන බැතිමතුන්ගේ යුතුකමක් වනු ඇත.
Friday, September 3, 2010
මහියංගන චෛත්‍යය
ඌව පළාතෙහි බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න, කෝරළයෙහි අලුත්නුවර නගර වසමට අයත්ව පිහිටි මහියංගන චෛත්‍යය රාජයාණන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි පළමුවරට තනවනලද ජීව සර්වඥ කේශධාතූන් නිදන්කළ, පිරිනිවනින් පසුව උන්වහන්සේගේම ශ්‍රීවාස්තීධාතුවද නිධන් කරනු ලැබූ දාගැබ්වහන්සේ මහියංගන දාගැබ නම් වේ.මහියංගනයෙහි පුරාණ සිංහල නාමය බිම්තැන්න නම් වේ. පාලියෙන් ලියනවිට බිම් යන්න මහී යයිද, තැන්න යන්න අංගනය නමින්ද මහියංගනය යන්න සෑදි ඇත.ශ්‍රී ලංකාවේ ආදි ම ස්ථූපය වශයෙන් වංශ කථාවල සඳහන් වන්නේ මහියංගන චෛත්‍යය යි. සුමන දෙවියන් විසින් කේශ ධාතු නිධන් කොට නිල්මිණියෙන් සත් රියන් කොට බඳවන ලද බව සඳහන් වේ. ක්‍රි.පූ.267 දී පමණ දෙවනපෑතිස් රජුගේ සොහොයුරු උද්ධචූලාභය රජු දොළොස් රියන් දාගැබ වසා තිස්රියන් දාගැබක් සාදවන ලදී. ක්‍රි.පූ. 161 දී අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජු අසූරියන් උස මහා චෛත්‍යයක් කරවීය. වසර විසි හතරක් (24) පමණ සිරිලක සරු සාරවත් කරමින් බුදු සසුන බැබළ වූ මෙම රජු සවවඥ ධාතූන් වහන්සේ 160 නමක් සහිත කරඬුවක් මෙම චෛත්‍යයේ තැන්පත් කරවීය. වරින්වර රජ වූ ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළහ.බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන චෙෙත්‍යය බව ඉතිහාසයේ දැක්වෙයි.වර්ෂ දෙදහස් පන්සියයකටත් පෙර මෙම චෙෙත්‍ය කර්මාන්තය කෙරී ඇත. ලොව රහතන්වහන්සේ නමක් නිමකළ එකම චෛත්‍යයද මෙයයි.
සෝමවතී මහා සෑය
එකල ලක්දිව සඟ පරපුර නිර්මලව පැවති අවදියකි. අරිට්ඨ මහරහතන් වහන්සේගේ සිසු පරපුරෙන් පැමිණි මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ මහින්ද නම් එක්තරා රහත් තෙරුන් වහන්සේ නමක් ළඟ සර්වඥයන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සුරැකිව තිබිණි. මෙය දැනගත් ගිරිඅබා රජු සහ සෝමවතී බිසව අලුත් දාගැබෙහි තැන්පත් කිරීම පිණිස ධාතුන් වහන්සේ නමක් ලබාදෙන මෙන් මිහිඳු තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. මහත් සතුටට පත් මිහිඳු රහතන් ප්‍රධාන ඒ උතුම් සඟරුවන තමන් මෙතෙක් කලක් භක්ත්‍යාදරයෙන් සුරැකි ඒ දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජුට දුන්සේක. මහත් ප්‍රීතියට පත් රජතුමාත්, සෝමවතී බිසවත් රහතුන්ට වැඳ නමස්කාර කරමින් චෛත්‍ය කර්මාන්තය පටන් ගත්හ. දකුණු දළදා වහන්සේ නිදන් කොට තැන වූ එම චෛත්‍යරාජයාගේ සියලු කටයුතු සෝමවතී දේවියගේ මූලිකත්වයෙන් කළ හෙයින් සෝමවතී චෛත්‍ය යන නාමය ලැබිණි.සෝමාවති චෛත්‍යයේ අන්තර්ගත සව_ඥධාතුන් වහන්සේලාගේ බලමහිමය නිසාදෝ බොහෝ සතුරු බාධක කලින් කලට පැමිණියද එහි පවත්නා අද්භූත බලයකින්දෝ සැමදා එය ආරක්ෂාවී ඇත. සෝමාවති චෛත්‍යය හා සංකීර්ණය අනුරපුර යුගයේ බොහෝ රජවරුන්ගේ පූජෝපහාරයට ලක්වුණු පූජ්‍ය ස්ථානයකි. සෝමාවති චෛත්‍යය ආසන්නයේ ක්‍රි. පු. 2 සියවසේ සිට ලියෑවුණු බ්‍රාහ්මි අක්ෂර සෙල්ලිපි කීපයක්ද හමුවී ඇත. එකී සෙල්ලිපි කලින් කලට රජවරුන් ලියා තබා ඇත්තේ සෝමාවතී විහාර සංකීර්ණය හා භීක්ෂුන්වහන්සේලාගේ දානමාන වියහියදම් හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජයට ලැබෙන ආධාර පවරාදීම සඳහාය. නිශ්ශංක මල්ල රජතුමා සෝමාවති ස්ථුපයේ නවකම් කරන්නට ඇතැයි අනුමාන කෙරේ.
සෝමාවතිය ස්ථුපය පිහිටි මළුවේ විශාල ප්‍රමාණයේ සඳකඩපහණ සතරක්ද, වාහල්කඩ තුනක්ද, සිරිපා සටහන් සහිත ගල්පුවරුද හමුවී ඇත. මෙහි ඇති සඳකඩපහන් අනුරපුර අභයගිරි දාගැබේ මෙන් සුදුපාට ගල් කැබලි එක්කාසු කර නිමාවූ සඳකඩපහණවලට සමානකම් දක්නා ලැබේ.සෝමාවති චෛත්‍යය හා එම සංකීර්ණය පිහිටා ඇත්තේ උතුරුමැද පළාතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මින්වලලු ග්රාමයේය. සෝමාවති චෛත්‍යය මහවැලි නදියෙන් නැගෙනහිර රුහුණු ප්‍රදේශයේ පිහිටි බව ධාතුවංශය හා ජිනකාලමාලිය හා පුරාවිද්‍යා සාධක අනුව පෙනෙන්නට ඇතත්, මහවැලි ගඟේ ජලය ගලා යන මාර්ගය වෙනස්කම් සිදුවීම නිසාදොa දැනට එම ගංගාවේ බටහිර දෙසින් සැතපුමක් පමණ ඈතින් ස්ථුපය පිහිටා ඇති බව උගතුන්ගේ මතය වේ.පොළොන්නරු යුගයෙන් පසු වල්බිහිවුණු සෝමාවති චෛත්‍යය පිහිටි නටබුන් සොයාගිය බොහෝ අයට එම ස්ථානයෙන් සැණකෙළියක මෙන් සංගීත රාවයන් අසන්න ලැබුණු බවත්, දේදුන්නක මෙන් බුදුරැස් විහිදී යන ආකාරයක්ද දැකගන්න ලැබුණු බවටත් සාධක ඇත. සෝමාවති චෛත්‍යය රාජයන් 2002 ජුනි 24 දින පොසොන් පොහෝ දින රාජ්‍ය අනුග්‍රහයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීමෙන් සම්පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය කොට සුණු පිරියම් කොට, කොත් පැළඳීමේ උත්සවයද පවත්වා දැනට බොදුනුවන්ගේ පූජෝපහාරයනට දොරටු විවෘත කොට ඇත.
දැනට සෝමාවතිය වනාහි අති දුෂ්කර වූ ප්රදේශයකි. එහි පානීය ජලය මෙන්ම සනීපාරක්ෂක සේවාවන්ද, නවාතැන් පහසුකම්ද, ආහාරපාන ආදිය සොයාගැනීම ද නොහැකිය. ඒනිසා සෝමාවතී වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් උදෙසා සිසිල් ජලය, ආහාර පාන ආදියෙන් දන්සල් පවත්වා පින් කිරීමට කැමැති පින්වත්හු ඒ සඳහා සිත යොදත්වාෘ පින්වත් ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් කෙරෙන මෙම උතුම් වන්දනාව ගෞතම බුදුරජුන්ගේ ධාතූන් වහන්සේලාගේ අනුහස් පැතිරූ සිරිලක පුරා සෙත ශාන්තිය, සෞභාග්‍යය හා සාමය පැතිරීමට හේතුවේවාෘ
සෝමාවතිය ස්ථුපය පිහිටි මළුවේ විශාල ප්‍රමාණයේ සඳකඩපහණ සතරක්ද, වාහල්කඩ තුනක්ද, සිරිපා සටහන් සහිත ගල්පුවරුද හමුවී ඇත. මෙහි ඇති සඳකඩපහන් අනුරපුර අභයගිරි දාගැබේ මෙන් සුදුපාට ගල් කැබලි එක්කාසු කර නිමාවූ සඳකඩපහණවලට සමානකම් දක්නා ලැබේ.සෝමාවති චෛත්‍යය හා එම සංකීර්ණය පිහිටා ඇත්තේ උතුරුමැද පළාතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මින්වලලු ග්රාමයේය. සෝමාවති චෛත්‍යය මහවැලි නදියෙන් නැගෙනහිර රුහුණු ප්‍රදේශයේ පිහිටි බව ධාතුවංශය හා ජිනකාලමාලිය හා පුරාවිද්‍යා සාධක අනුව පෙනෙන්නට ඇතත්, මහවැලි ගඟේ ජලය ගලා යන මාර්ගය වෙනස්කම් සිදුවීම නිසාදොa දැනට එම ගංගාවේ බටහිර දෙසින් සැතපුමක් පමණ ඈතින් ස්ථුපය පිහිටා ඇති බව උගතුන්ගේ මතය වේ.පොළොන්නරු යුගයෙන් පසු වල්බිහිවුණු සෝමාවති චෛත්‍යය පිහිටි නටබුන් සොයාගිය බොහෝ අයට එම ස්ථානයෙන් සැණකෙළියක මෙන් සංගීත රාවයන් අසන්න ලැබුණු බවත්, දේදුන්නක මෙන් බුදුරැස් විහිදී යන ආකාරයක්ද දැකගන්න ලැබුණු බවටත් සාධක ඇත. සෝමාවති චෛත්‍යය රාජයන් 2002 ජුනි 24 දින පොසොන් පොහෝ දින රාජ්‍ය අනුග්‍රහයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීමෙන් සම්පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය කොට සුණු පිරියම් කොට, කොත් පැළඳීමේ උත්සවයද පවත්වා දැනට බොදුනුවන්ගේ පූජෝපහාරයනට දොරටු විවෘත කොට ඇත.
දැනට සෝමාවතිය වනාහි අති දුෂ්කර වූ ප්රදේශයකි. එහි පානීය ජලය මෙන්ම සනීපාරක්ෂක සේවාවන්ද, නවාතැන් පහසුකම්ද, ආහාරපාන ආදිය සොයාගැනීම ද නොහැකිය. ඒනිසා සෝමාවතී වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් උදෙසා සිසිල් ජලය, ආහාර පාන ආදියෙන් දන්සල් පවත්වා පින් කිරීමට කැමැති පින්වත්හු ඒ සඳහා සිත යොදත්වාෘ පින්වත් ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් කෙරෙන මෙම උතුම් වන්දනාව ගෞතම බුදුරජුන්ගේ ධාතූන් වහන්සේලාගේ අනුහස් පැතිරූ සිරිලක පුරා සෙත ශාන්තිය, සෞභාග්‍යය හා සාමය පැතිරීමට හේතුවේවාෘ
ගල් ව්හාරය
පොළොන්නරුව නගරය ගැන සඳහන් කිරීමේදී නිතැනින්ම අපේ සිහියට නැගෙන නමක් වේ නම් ඒ ගල් විහාරයයි. උත්තරාරාමය යනුවෙන්ද හදුන්වනු ලබන මෙය මහා පරාක්‍රමභාහු රජතුමාගේ තවත් සුවිශේශී නිර්මානයකි. මෙහි ඔබට ගලින් නෙලන ලද ප්‍රතිමා හතරක් දක්නට ලැබේ.මෙහි පළමුවෙන්ම දක්නට ලැබෙන්නේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින බුද්ධ ප්‍රතිමාවහන්සේ නමකි. මෙම ප්‍රතිමාව සඳහා සිංහ හා අශ්ව රූපවලින් අලංකාර කරන ලද ආසනයක්ද දැක ගත හැක. එමෙන්ම පිළිමයේ ශීර්ෂය පිටුපසින් අලංකාර ප්‍රභා මණ්ඩලයක්ද දැක ගත හැක.දෙවනුව දක්නට ලැබෙන්නේ විද්‍යාධාර ලෙනෙහි නෙලා ඇති බුද්ධ ප්‍රතිමාවහන්සේය. මෙහිද දේව රූප, මුණිවර රූප, චාමර සලන්නන්ගේ රූප ආදී සියුම් කැටයම් දැක ගත හැක. මෙමගින් බුදුරජාණන් වහන්සේ තම මාතෘ දිව්‍ය රාජයාට දහම් දෙසීම නිරූපනය වේ. එහෙත් ඇතමුන් පවසන්නේ මෙය දේවාරාධනාව නිරූපනය කරන බවයි. මේ අසලම ඇති සෙල් ලිපියේ සඳහන් වන්නේ පොලොන්නරුව කතිකාවතයි. මෙහි සංඝයා වහන්සේලා උදෙසා පැනවූ නීති සංග්‍රහය දැක ගත හැක.ඊලඟට ඇත්තේ හිටි පිලිමයකි. මෙය උසින් අඩි විසි දෙකක් පමන වේ. මෙය ආනන්ද හිමියන්ගේ පිළිරුවක් බව සැලකිය හැක. ඒ අසලම ඇති දිගින් අඩි හතලිස් පහක් පමණ වන සැතපෙන පිළිමය බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන් මංචකය විදහා පායි. ඒ සඳහා ඇති හොඳම සාක්ෂිය වන්නේ මෙම පිළිම වහන්සේගේ එක් ශ්‍රී පතුලක් තරමක් පසුපසට වන්නට නෙලා තිබීමයි.මෙම පිළිම වහන්සේල අතීත හෙලයන්ගේ දස්කම් මොනවට විදහාලන ජීවමාන සාක්ෂියන් වේ.
Subscribe to:
Posts (Atom)