Wednesday, September 8, 2010

නාගදීපය


නාගදීපය යනු අතීතයේ දී යාපන අර්ධද්වීපයම ඇතුළත් විශාල ප්‍රදේශයකි. වෙළෙඳ භාණ්‌ඩ හුවමාරු කළ තොටුපොළ කීපයක්‌ එහි තිබිණි. ප්‍රසිද්ධ වරායක්‌ වූ උරාතොට දැන් කයිට්‌ස්‌ දූපතයි. සංඝමිත්තා තෙරණිය වැඩම කළ දඹකොල පටුන ද පැරැණි නාගදීපයට අයත් වූවකි. සිරිමහබෝධිය වැඩමවන විට සමුද්‍ර නාගයන් බාධා කළ නමුත් පසුව ඔවුහු එයට පුද සත්කාර දැක්‌වූහ.බුදුරජාණන් වහන්සේ දෙවන වර ලංකා ගමනයේදී නාග ගෝති‍්‍රකයන් අතර සිදුවූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා නාගදීපයට වැඩි බව බෞද්ධ ජනතාවගේ විශ්වාසයයි. විවිධ කාලවලදී ධාතුසේන, සද්ධාතිස්ස, දුටුගැමුණු ආදී රජවරුන් විසින් විටින් විට ප‍්‍රතිසංස්කරණය කරන ලද නාගදීප විහාරස්ථානය විටින් විට පරසතුරු උවදුරුවලටද ගොදුරු විය. නාගදීපයේ ඇති තවත් වැදගත් ආගමික ස්ථානයක් වන්නේ නාගපූෂානි අම්මාන් කෝවිලයි. මෙහි ඇති දේව රූපය මීට වසර දහස් ගණනකට පෙර පොළොවෙන් මතුවී ආ බවත් එමෙන්ම දකුණු ඉන්දියාවේ සිට යාපනය දක්වා වෙළඳාමේ ආ වෙළඳුන්ට සිදුවූ අකරතැබ්බයක් ඔස්සේ මේ කෝවිල ගොඩනැගුණු බවත් ජනප‍්‍රවාදයේයි.නාගදීපය වෙත යාමට කයිට්ස් කුරිකට්ටුවාන් ජැටියෙන් විනාඩි 20ක විතර මුහුදු ගමනක යෙදිය යුතුය. බෝට්ටුකරුවන් විසින් නාගදීපය සඳහා රැුගෙන යාමට රුපියල් 20ක මුදලක් අය කරයි.1958 වසරේ දී නාගදීප දාගැබට ඩයිනමයිට්‌ දමා පුපුරුවා කොත්කැරැල්ල බිම හෙළන ලදී. පන්සලේ ගොඩනැගිලිවලට ගිනි තබා ඇත. දෙමළ අන්තවාදියෝ 2500 බුද්ධ ජයන්තිය සඳහා බුරුම රටෙන් තෑගි කළ බුදුපිළිමයේ සිරස හා අත් කඩා මුහුදට දැමූහ. මෙම සිද්ධිය දකුණේ සිංහලයන්ට දැන ගැනීමට රජය ඉඩ හැරියේ නැත. සිරස සිඳින ලද බුදුපිළිමය පසුව මුහුදු පතුලේ තිබී නාවික හමුදාව විසින් සොයා ගැනුණි. එය පිළිසකර කිරීම අපහසු විය. සති අටක්‌ ඇතුළත විහාරස්‌ථානය නැවත ඉදිකෙරුණි. බුරුම රටින් වෙනත් බුදුපිළිමයක්‌ තෑගි ලැබිණි.නාග විහාරය රැකගෙන වැඩ සිටින පූජ්‍ය පදුමකිත්ති තිස්‌ස හිමියනට ත්‍රස්‌තවාදය උත්සන්නව පැවැති සමයේ ආරක්‍ෂාව හා දානය පිරිනමමින් කටයුතු කළ නාවික හමුදා නිලධාරීන්ට බෞද්ධ ජනතාවගේ කෘතඥතාව හිමිවෙනු අැත.

2 comments:

  1. මෙසේ ලංකාවේ ඓතිහාසික ස්ථාන පිළිබඳව ඔබ විසින් සම්පාදනය කර තිබෙන මෙම ලිපි මාලාව අගය කරමී.තව තවත් මෙවැනි ලිපි සම්පාදනය කරන්න.

    ReplyDelete
  2. Woww Very good 👍👍👏👏🎉🎊🎊 Congratulations 👏🎉🎉🎉🎊🎊 ප්‍රයෝජනවත් වේ 🥰🥰😍😍😘😘🤩🤩😻😻👌👌🤛🤛👊👊🤜🤜👋👋🙌🙌🙏🙏🌷🌷🌷🌹🌹🌹🌹🌺🌺🌻🌻🌛🌛🌟🌟⭐⭐🌞🌞☀️☀️🌜🌜⚡⚡🎆🎆🎇🎇

    ReplyDelete