Friday, September 3, 2010

සෝමවතී මහා සෑය

 එකල ලක්‌දිව සඟ පරපුර නිර්මලව පැවති අවදියකි. අරිට්‌ඨ මහරහතන් වහන්සේගේ සිසු පරපුරෙන් පැමිණි මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ මහින්ද නම් එක්‌තරා රහත් තෙරුන් වහන්සේ නමක්‌ ළඟ සර්වඥයන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සුරැකිව තිබිණි. මෙය දැනගත් ගිරිඅබා රජු සහ සෝමවතී බිසව අලුත් දාගැබෙහි තැන්පත් කිරීම පිණිස ධාතුන් වහන්සේ නමක්‌ ලබාදෙන මෙන් මිහිඳු තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. මහත් සතුටට පත් මිහිඳු රහතන් ප්‍රධාන ඒ උතුම් සඟරුවන තමන් මෙතෙක්‌ කලක්‌ භක්‌ත්‍යාදරයෙන් සුරැකි ඒ දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජුට දුන්සේක. මහත් ප්‍රීතියට පත් රජතුමාත්, සෝමවතී බිසවත් රහතුන්ට වැඳ නමස්‌කාර කරමින් චෛත්‍ය කර්මාන්තය පටන් ගත්හ. දකුණු දළදා වහන්සේ නිදන් කොට තැන වූ එම චෛත්‍යරාජයාගේ සියලු කටයුතු සෝමවතී දේවියගේ මූලිකත්වයෙන් කළ හෙයින් සෝමවතී චෛත්‍ය යන නාමය ලැබිණි.සෝමාවති චෛත්‍යයේ අන්තර්ගත සව_ඥධාතුන් වහන්සේලාගේ බලමහිමය නිසාදෝ බොහෝ සතුරු බාධක කලින් කලට පැමිණියද එහි පවත්නා අද්භූත බලයකින්දෝ සැමදා එය ආරක්‍ෂාවී ඇත. සෝමාවති චෛත්‍යය හා සංකීර්ණය අනුරපුර යුගයේ බොහෝ රජවරුන්ගේ පූජෝපහාරයට ලක්‌වුණු පූජ්‍ය ස්‌ථානයකි. සෝමාවති චෛත්‍යය ආසන්නයේ ක්‍රි. පු. 2 සියවසේ සිට ලියෑවුණු බ්‍රාහ්මි අක්‍ෂර සෙල්ලිපි කීපයක්‌ද හමුවී ඇත. එකී සෙල්ලිපි කලින් කලට රජවරුන් ලියා තබා ඇත්තේ සෝමාවතී විහාර සංකීර්ණය හා භීක්‍ෂුන්වහන්සේලාගේ දානමාන වියහියදම් හා ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා රජයට ලැබෙන ආධාර පවරාදීම සඳහාය. නිශ්ශංක මල්ල රජතුමා සෝමාවති ස්‌ථුපයේ නවකම් කරන්නට ඇතැයි අනුමාන කෙරේ.

සෝමාවතිය ස්‌ථුපය පිහිටි මළුවේ විශාල ප්‍රමාණයේ සඳකඩපහණ සතරක්‌ද, වාහල්කඩ තුනක්‌ද, සිරිපා සටහන් සහිත ගල්පුවරුද හමුවී ඇත. මෙහි ඇති සඳකඩපහන් අනුරපුර අභයගිරි දාගැබේ මෙන් සුදුපාට ගල් කැබලි එක්‌කාසු කර නිමාවූ සඳකඩපහණවලට සමානකම් දක්‌නා ලැබේ.සෝමාවති චෛත්‍යය හා එම සංකීර්ණය පිහිටා ඇත්තේ උතුරුමැද පළාතේ පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ මින්වලලු ග්‍රාමයේය. සෝමාවති චෛත්‍යය මහවැලි නදියෙන් නැගෙනහිර රුහුණු ප්‍රදේශයේ පිහිටි බව ධාතුවංශය හා ජිනකාලමාලිය හා පුරාවිද්‍යා සාධක අනුව පෙනෙන්නට ඇතත්, මහවැලි ගඟේ ජලය ගලා යන මාර්ගය වෙනස්‌කම් සිදුවීම නිසාදොa දැනට එම ගංගාවේ බටහිර දෙසින් සැතපුමක්‌ පමණ ඈතින් ස්‌ථුපය පිහිටා ඇති බව උගතුන්ගේ මතය වේ.පොළොන්නරු යුගයෙන් පසු වල්බිහිවුණු සෝමාවති චෛත්‍යය පිහිටි නටබුන් සොයාගිය බොහෝ අයට එම ස්‌ථානයෙන් සැණකෙළියක මෙන් සංගීත රාවයන් අසන්න ලැබුණු බවත්, දේදුන්නක මෙන් බුදුරැස්‌ විහිදී යන ආකාරයක්‌ද දැකගන්න ලැබුණු බවටත්  සාධක ඇත. සෝමාවති චෛත්‍යය රාජයන් 2002 ජුනි 24 දින පොසොන් පොහෝ දින රාජ්‍ය අනුග්‍රහයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීමෙන් සම්පූර්ණ වශයෙන් ප්‍රතිසංස්‌කරණය කොට සුණු පිරියම් කොට, කොත් පැළඳීමේ උත්සවයද පවත්වා දැනට බොදුනුවන්ගේ පූජෝපහාරයනට දොරටු විවෘත කොට ඇත.
             දැනට සෝමාවතිය වනාහි අති දුෂ්කර වූ ප්‍රදේශයකි. එහි පානීය ජලය මෙන්ම සනීපාරක්‍ෂක සේවාවන්ද, නවාතැන් පහසුකම්ද, ආහාරපාන ආදිය සොයාගැනීම ද නොහැකිය. ඒනිසා සෝමාවතී වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් උදෙසා සිසිල් ජලය, ආහාර පාන ආදියෙන් දන්සල් පවත්වා පින් කිරීමට කැමැති පින්වත්හු ඒ සඳහා සිත යොදත්වාෘ පින්වත් ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් කෙරෙන මෙම උතුම් වන්දනාව ගෞතම බුදුරජුන්ගේ ධාතූන් වහන්සේලාගේ අනුහස්‌ පැතිරූ සිරිලක පුරා සෙත ශාන්තිය, සෞභාග්‍යය හා සාමය පැතිරීමට හේතුවේවාෘ

1 comment: